ගතින් මිනිස්සු වෙන්වීමට වඩා පපුව හාරාගෙන යන්නේ සිතින් වෙන් උනාම. අනික් කෙනාගේ හිතේ තමන් නෑ කියල දැනුනාම. ඒක කියාගන්න බැරි ආත්මානුකම්පාවක්. ඒක වෙනුවන් ඇත්තටම තාම සිංදු ලියවිලා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්.
පිරිමි ගොඩක් වෙලාවට වැටෙන්නේ හිතින් ආදරය කරන කුලකෙට. ඒක අවබෝධ කර ගන්න පුළුවන් ගැහැණියක් හම්බෙන එක ඇත්තටම උගේ වාසනාව. මොකද පිරිමි කොහොමත් කතා කරන්නේ අඩුවෙන්. ඒ වචන වලිනුත් දශම ගානයි බිරිදට ආදරය කරන්න පාවිච්චි කරන්නේ. වැඩියෙන් ආදරෙයි ආදරෙයි ගැන ගොඩක් උන් කරන්නෙ තමන් ගැන සැකයක් ඇති වෙන එක ශේප් කර ගන්න වචන වලින් කතා කියවනවා. ගෑණු හිත් ආදරය ඉස්සරහ යටත් කර ගන්න පුළුවන් උනාට ද්‍රෝහිවීම් වලදි ඒ හිත් අවනත කරන්න බෑ කියල පිරිමි දන්නව. එහෙම චාටු කතා කියල තමන්ගේ සීමාවන් ඇතුලේ ඉන්න පිරිමි හරිම අඩුයි.
ගොඩක් පිරිමි ජීවත් උනේ තමන්ගෙ බිරිඳ එක්ක හිතින් ආදරේ කරපු කාලෙ මතක් කරන්. ඒ කාලෙට ආදරේ කරමින්. කොච්චර හිත් රිදවීම් උනත් උන්ට ඕනෙ තමන්ගෙ ගෑණි එක්ක ඉන්න. හිතින් තමන්ගෙ ගෑණිව තුරුල් කරන් ඉන්න. එහෙම මිනිහෙක්ට වැඩි ආයුෂ නෑ ඒ ආදරය නැතුව ඉන්න.
ඒකයි උන් තනි උනදාට උනුත් ඉක්මනට යන්නෙ ආයෙත් ඒ ආදරය හොයන්...
No comments:
Post a Comment