Monday, 24 October 2022

හමුවීම...

 


සත්තයි මට ඇඬෙනව උඹව හම්බෙන දාට

දරා ගන්න බැරි තරම් දුක් හිතේ තදකරන්

අදට අවුරුද්දකට ළඟයි වෙන්වෙලා...




මේ වෙන්වීම මට කල්පයක්

දැනෙනව ඔය හිතෙත් ඒක වෙනසක් නෑ කියල

පොරොන්දු වෙනව ආයෙ කිසිම දවසක 

මෙහෙම වෙන්වීමක් නොවෙන්න


ආයෙත් පටන් ගමු ජීවිතය

අලුත් පරිච්ඡේදයකින් 

ලස්සනට ලියන්න ඒ ආදරය

අපේ හිත්වල දෝරෙ ගලා ගියපු හැටි


උඹ නැති දවසක මම පිස්සෙක් වෙනව සත්තයි....

No comments:

Post a Comment

හමුවීම...

  සත්තයි මට ඇඬෙනව උඹව හම්බෙන දාට දරා ගන්න බැරි තරම් දුක් හිතේ තදකරන් අදට අවුරුද්දකට ළඟයි වෙන්වෙලා... මේ වෙන්වීම මට කල්පයක් දැනෙනව ඔය හිතෙත් ...